Home special “මම ඡන්දෙන් පැරදුණොත් රටම ලේ විලක් වේවි”

“මම ඡන්දෙන් පැරදුණොත් රටම ලේ විලක් වේවි”

“මම ඡන්දෙන් පැරදුණොත් රටම ලේ විලක් වේවි”

2024 මැතිවරණයෙන් තමා පරාජයට පත්වුවහොත්, එමඟින් එක්සත් ජනපදයත් එහි මෝටර් රථ කර්මාන්තයත් “ලේ විලක්” බවට පත්වනු ඇතැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ඔහියෝ හි වැන්ඩලියා හි පැවති රැලියකදී ඊයේ ඔහු මේ බව කියාසිටියේ අමෙරිකාවෙන් පිටත නිපදවන මෝටර් රථ සඳහා 100%ක තීරුබදු අයකිරීමට පොරොන්දු වීමත් සමඟ ය.

ඔහු තේරී පත්වුවහොත් පමණක් දේශීය වාහන නිෂ්පාදනය ආරක්ෂා වනු ඇතැයි ඔහු එහිදී තර්ක කළේය.

මෙක්සිකෝවේ මෝටර් රථ කර්මාන්තය, වෘත්තීය සමිති, විදුලි වාහන වෙත සංක්‍රමණය වීම පිළිබඳ දීර්ඝ විවාදයක් පවතින අවස්ථාවක මෙම ප්‍රකාශය සිදු විය.

ට්‍රම්ප් මේ මාසයේ ජාත්‍යන්තර මාධ්‍යක් වෙත ප්‍රකාශ කළේ මෙක්සිකෝවේ චීන කම්හල්වල නිෂ්පාදිත මෝටර් රථ සඳහා 50% ක ගාස්තුවක් අය කරන බවයි.

නොවැම්බරයේ පැවැත්වෙන මැතිවරණයේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව ට්‍රම්ප් පසුව දේශපාලන රැස්වීමට රැස්ව සිටි පිරිසට අවධාරණය කළේය.

‘මෙම මැතිවරණය ජයග්‍රහණය නොකළහොත් ඔබට මේ රටේ නැවත මැතිවරණයක් එයි කියා මට විශ්වාස නැහැ.’ යැයි ද ට්‍රම්ප් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here