තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්නව නීතිපති දිවුරුම්දෙයි

    නව නීතිපති දිවුරුම්දෙයි

    නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (26) දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.

    සංජය රාජරත්නම් මහතා මෙරට 48 වන නීතිපතිවරයාය. දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාමයාමෙන් පුරප්පාඩුවන නීතිපති තනතුරට මෙලෙස ඒ මහතා පත්කෙරිණි.

    නීතිපති දෙපාර්ත්තමේන්තුවේ වසර 34ක කාලයක් සේවය කර ඇති රාජරත්නම් මහතා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, අතිරේක සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සහ වැඩබලන සොලිසිටර් ජනරාල් ධුරයන් හොබවා තිබේ.

    කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ සහ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඔහු ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිදාරියෙකි. රාජරත්නම් මහතා එංගලන්තයේ සහ වේල්සයේ සොලිසිටර්වරයෙකි.

    2014 නොවැම්බර් මාසයේදී ජනාධිපති නීතිඥවරයෙක් ලෙස දිවුරුම් දුන් ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු රජයේ ආයතන කිහිපයකම උපදේශක ධුරය හොබවා ඇත.

    දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද එක්ව සිටියේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img