Home උණුසුම් පුවත් විදෙස් කතකගේ රහස් ප්‍රදේශ වීඩියෝ කළ ගුවන් හමුදා සෙබළා කොටු

විදෙස් කතකගේ රහස් ප්‍රදේශ වීඩියෝ කළ ගුවන් හමුදා සෙබළා කොටු

0
විදෙස් කතකගේ රහස් ප්‍රදේශ වීඩියෝ කළ ගුවන් හමුදා සෙබළා කොටු

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු දුම්රියක ගමන්කරමින් සිටි විදේශික කාන්තාවකගේ රහස් ප්‍රදේශ ජංගම දුරකථනයකින් රූගතකල ගුවන් හමුදා සෙබලෙකු නාවලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාන්තාව මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ස්ලෝවැකියා ජාතිකයෙක් බව නාවලපිටිය පොලීසිය කියයි.

ගුවන් හමුදා සෙබලා නිවාඩු ලැබ නිවස බලා යමින් සිටියදී මෙම අපරාධය සිදුකර ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වයස අවුරුදු 32ක් වන ගුවන් හමුදා සෙබලා දියතලාව කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටින්නෙකි. ඔහු පිලියන්දල අලුත්පාරේ පදිංචිකරුවෙක් බවද පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here