Home උණුසුම් පුවත් සූර්ය බලශක්ති උද්‍යාන‍යෙන් විදුලි මිලදීගැනීමට ගිවිසුමක්

සූර්ය බලශක්ති උද්‍යාන‍යෙන් විදුලි මිලදීගැනීමට ගිවිසුමක්

සූර්ය බලශක්ති උද්‍යාන‍යෙන් විදුලි මිලදීගැනීමට ගිවිසුමක්

හම්බන්තොට, ගොන්නෝරුව, සූර්ය බලශක්ති උද්‍යානයේ සංවර්ධනය කිරීමට නියමිත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා විදුලිය මිලදීගැනීමේ ගිවිසුම් ඊයේ පස්වරුවේ අත්සන් තබා තිබේ.

ව්‍යාපෘතිය, දේශීය සංවර්ධකයින් 17 දෙනෙකුගෙන් යුත් එකමුතුවක් මගින් සංවර්ධනය කෙරේ.

මෙම ග්‍රවුන්ඩ් මවුන්ට් සෝලා ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 10 ක බලාගාර 13 ක් සහ මෙගාවොට් 5 ක බලාගාර 4 කින් සමන්විත වන අතර මුළු ධාරිතාව මෙගාවොට් 150 කි.

USD මිලියන 150 ක ආයෝජනයකින් යුත් මෙම ව්‍යාපෘතිය නව ව්‍යාපාර ආකෘතියක් යටතේ CEBs Standardized Power Purchase Agreement (SPPA) යටතේ සම්ප්‍රේෂණ සහ ජාල පහසුකම් සමඟ එක්ව සංවර්ධනය කෙරේ.

ව්‍යාපෘතියේ අරමුණ 2024 මැයි මාසයේදී ඉදිකිරීම් ආරම්භ කර 2025 මැද භාගය වන විට විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here