Home special වැඩවර්ජන නිසා අතරමඟ ඇණහිටි ජර්මනිය

වැඩවර්ජන නිසා අතරමඟ ඇණහිටි ජර්මනිය

0
වැඩවර්ජන නිසා අතරමඟ ඇණහිටි ජර්මනිය

යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනියට මේවන විට පෙරමුණු කීපයකින් දැඩි වැඩවර්ජන මාලාවකට මුහුණ දීමට සිදුව තිබේ.

ඒ අනුව අද (7) දිනයේදී එරට දුම්රිය රියැදුරන්, ගුවන් තොටුපල සේවකයින් සිය රැකියා ස්ථාන වලින් ඉවත්වීමට තීරණය කර තිබිණි. මෙලෙස සේවයෙන් ඉවත්වීමත් සමඟ ජර්මනියේ මගීන් මිලියන ගණනක් දැඩි අපහසුතාවයට පත් කිරීමට සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම වැඩවර්ජන මාලාව ජර්මනය මේවන විට මුහුණ දී තිබෙන දැඩි උද්ධමනය සහ සේවකයින්ගේ හිඟය මත වර්ධනය වී ඇති අතර එහිදී ජර්මානු ආර්ථිකයේ වැදගත්ම අංශයක් වන ප්‍රවාහන අංශය තුල දැඩි කැලඹීමක්ද ඇති කිරීමට හේතු වී තිබේ. එහිදී දුම්රිය, ගුවන් සහ පොදු ප්‍රවාහන යන අංශ තුල දැඩි අර්බුදයක් නිර්මාණය වී ඇත.

වැඩ වර්ජන සමඟ ඉකුත් වර්ෂයේදී සියයට 0.3කින් හැකිලීමකට ලක්වුණු ජර්මානු ආර්ථිකය යලිත් ප්‍රකෘති තත්ත්වයට පත්විම මන්දගාමී කර ඇති බවටද වාර්තාවේ.
මේ අතර එක් දිනක් තුල රටපුර පැවති දුම්රිය වර්ජනය හේතුවෙන් යුරෝ මිලයන 100ක අලාභයක් ජර්මනියට සිදුව ඇති බව IW Koeln හි ආර්ථික කටයුතු ප්‍රධානී Michael Groemling සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම වර්ජන වලදී අඩු සේවා කාලයකට වර්ථමාන වැටුපද යහපත් සේවා තත්ත්වයක්ද ප්‍රවාහන අංශයට සම්බන්ධ සේවකයින් ඉල්ලා සිටියි. මෙහිදී මෙම ඉල්ලීම් දිනාගැනීමට නොහැකි වුවහොත් වර්ජනයන් තවත් වර්ධනය වීමටත් එය ජර්මනියෝ සමස්ථ ආර්ථිකයේ ක්‍රියාකාරිත්වයට දැඩි ලෙස බලපෑමට ඉඩ පවතින බවටද ආර්ථික විශ්ලේෂකයින් අපෙක්ෂා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here