Home උණුසුම් පුවත් හොර දොස්තරයෙක් බියගමින් අල්ලයි

හොර දොස්තරයෙක් බියගමින් අල්ලයි

0
හොර දොස්තරයෙක් බියගමින් අල්ලයි

බියගම බණ්ඩාරවත්තේ “මාස් මෙඩිකල් සර්විස්“ නමින් පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර ලබාදුන් සුසුදුකම් නොලත් වෛද්‍යවරයෙකුව බියගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 66ක් වයසැති මෙම ව්‍යාජ වෛද්‍යවරයා සමන් බංඩාර ගුණහේරත් නැමැති අයෙකි.

විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මෙම සැකකරුගේ පුතා වෛද්‍යවරයෙක් බවය. මෙම වෛද්‍ය මධ්‍යස්ථානය 2017 වසරේ ස්ථාපිතකර මෙහි වෙදකම්කර ඇත්තේ පුතා විසින් බවටද තොරතුරු අනාවරනය වී ඇත. පියා සිදුකර ඇත්තේ රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමකි.

වෛද්‍ය පුතා 2023 වසරේ ජුලි මාසයේදී විදේශගතව ඇති බවත් එතැන් සිට ඹෟෂධ නිකුත්කර කරමින් සිටි පියා වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරයෙක් ලෙස ප්‍රතිකාර කිරීමට පටන්ගෙන ඇති බවත් පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරකට අනුව එම වෛද්‍ය මධ්‍යස්ථානය වටලා සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here