ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය අද ආරම්භ වේ.
ඒ සඳහා එහි නිලධාරී කණ්ඩායමක් දිවයිනට පැමිණේ.
එහි ආරම්භක රැස්වීමක් IMF නිලධාරී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිතයි.
මෙය මූල්‍ය ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය සහතික කිරීම සඳහා වැදගත් සන්ධිස්ථානයකි.
“අපගේ අපේක්ෂාව සමාලෝචනය සාර්ථකව අවසන් කර, කාර්‍ය මණ්ඩල එකගතාවයට එළැඹීමයි. එය තෙවන වාරිකයට ප්‍රවේශ වීමට මඟපාදන අතර අපගේ ආර්ථික වර්ධන ගමන්මග වේගවත් කර ආර්ථිකය කෙරෙහි වැඩි විශ්වාසයක් ඇති වීමට බලපෑමක් ඇතිකරයි” යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණේ IMF ලබාදී තිබූ ඉලක්ක බොහොමයක් සපුරා ඇති බැවින් දෙවැනි සමාලෝචනය පිළිබඳ රජය පෙරට වඩා විශ්වාසයකින් පසුවන බවයි.
සබැඳි පුවත්
IMF කණ්ඩායමක් මේ සතියේ දිවයිනට -රජය පෙරට වඩා විශ්වාසයෙන්
රජයේ ක්‍රියාකාරි සැලැස්ම එළිදක්වයි