Home උණුසුම් පුවත් පාසලේ පන්ති කාමරයට යමින් සිටි සිසුවිය හදිසියේ මියගිහින්

පාසලේ පන්ති කාමරයට යමින් සිටි සිසුවිය හදිසියේ මියගිහින්

0
පාසලේ පන්ති කාමරයට යමින් සිටි සිසුවිය හදිසියේ මියගිහින්
file Photo

විදුහල්පති කාර්යාලයේ සිට නාම ලේඛනය රැගෙන සිය පංති කාමරය වෙත ගමන්කරමින් සිටි කලවාන , මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 13 හැවිරිදි ශිෂ්‍යාවක් අද (06) පෙරවරුවේදී බිම ඇද වැටීමෙන් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුවී ඇති ස්ථානයේ බිම ගල් ඇතුරූ ස්ථානයක් බවත් බිම ඇද වැටීමෙන් සිසුවියගේ නිකටට තුවාල සිදුවී ඇති බව පෙනී යන බවත් කලවාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්. හේරත් මහතා සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ කලවාන දකුණ කුකුළේගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ ඉමල්කා සත්සරණි (13) නැමැති ශිෂ්‍යාවකි . ඇය එම පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවකි. ඇය උදෑසන පාසලේ පැවති ආගමික වතාවත් සහ රැස්වීමටද සහභාගිවී සිට ඇත.

ඇය බිම වැටී ඇත්තේ පය පැටලීමකින්ද නැතිනම් කලන්තයක් හේතුවෙන්දැයි පැහැදිලි තොරතුරක් අනාවරණය වන්නේ නැතැයි පොලීසිය කියයි. පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතව ඇති බැවින් මරණයට නිෂ්චිත හේතුවක් ඒ තුළින් අනාවරණයකර ගැනීමට හැකිවනු ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

මිය ගිය මෙම සිසුවියගේ දහහතර හැවිරිදි වියේ සිටි වැඩිමල් සහෝදරයාද මිට මාස තුනකට පමණ පෙර වලිප්පු රෝගය වැළදිම හේතුවෙන් මියගොස් තිබේ . එම පවුලේ සිටි දරුවන් දෙදෙනාම මෙලෙස අකාලයේ මියගොස් ඇත.
මෙම දරුවන් දෙදෙනාම පාසලේ සිටි දක්ෂ දරුවන් බව ජයන්ති මහා විද්‍යාලයේ ගුරුවරු සඳහන් කරති. විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයත් පාසල් පාසල් සිසුන් සහ දෙමාපිටන්ද මෙම අකල් මරණය හේතුවෙන් ශෝකයට පත්ව සිටිති.

කලවාන මුලික රෝහලේ තිබු දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරිම සදහා රත්නපුර මහ රෝහලට අද සවස රැගෙන ගොස් තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here