රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සමග අද(මාර්තු 04) රාජ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ කළමනාකරණ සේවාවේ කාලයක් තිස්සේ නොවිසුඳුණු ගැටලු රැසකට කඩිනමින් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමිනි.
මෙහිදී මෙම ගැටලු ඉතා සාධාරණ හා යුක්ති සහගත බව පිළිගත් අමාත්‍යවරයා වැටුප් විෂමතා හා වැටුප් වැඩිකිරීම සම්බන්ධ කාරණා හැර ඉතිරි කරුණු සම්බන්ධයෙන් කඩිනමින් විසදුම් ලබාදීමට කටයුතු කරන බවට පොරොන්දු වූ බව එම සංගමය කියයි.
මෙහිදී පහත කරුණු සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
අහිමි වූ උසස්වීම් ක්‍රමය නැවත ලබා ගැනීම, සේවා ව්‍යවස්ථාව 2006 ට පෙරදාතම් කිරීම, පුරප්පාඩු 7000 කඩිනමින් සම්පූර්ණ කර ගැනීම, 2020 ජූලී මස ගැසට් කල විවෘත තරග විභාගය කඩිනමින් පැවැත්වීමට කටයුතු කිරීම, සමාන්තර ශ්‍රේණි අතර වැටුප් විෂමතාවය ඉවත් කිරීම, MN 04 වැටුප් තලය ලබා ගැනීම, දේපල ණය නැවත ලබා දීමට කටයුතු කිරීම, කුසලතා පදනම මත පරිපාලන සේවයට බදවා ගැනීමේ තරග විභාගය පැවැත්වීමට කටයුතු කිරීම, අධිශ්‍රේණියේ පත්වීම් ලබා නොදුන් පළාත් සභා සම්බන්ධයෙන් පත්වීම් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ වලට පටහැනිව අප සේවාවේ රාජකාරි ඉටුකිරීම සදහා වෙනත් සේවාවල පිරිස් යෙදීම වැලැක්වීමට කටයුතු කිරීම, සේවාවේ සිටින උපාධිධාරීන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කිරීම, මෙන්ම , කළමනාකරණ සේවාව සදහා වෘත්තීය මට්ටමේ හා විෂයානුබද්ධ ඩිප්ලෝමා හා උපාධි පාඨමාලා හැදෑරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම යන ඉල්ලීම් ඉදිරිපත් කළ බව එම සංගමය කියයි.
එහිදී මෙම ඉල්ලීම පිළිබඳව කඩිනමින් කටයුතු කරන ලෙසට පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සූරතිස්ස දිසානායක මහතා හට ඒ මොහොතේම උපදෙස් දී තිබේ.
මේ සදහා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර ප්‍රධාන සභාපති එන් එම් විජේරත්න ප්‍රධාන භාණ්ඩාගාරික චමින්ද වීරකුමාර නියෝජ්‍ය ලේකම් චමින්ද කුමාර ජයතිස්ස, උප සභාපති කපිල ගුණතිලක’ සුජිත් සේනාධීර ‘විමල් ප්‍රනාන්දු ‘වෙනුර අබේවික්‍රම නදීමා තරංගි යන නිලධාරීන් සහභාගි විය.