Home උණුසුම් පුවත් ගලේවෙල අපරාධ අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

ගලේවෙල අපරාධ අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

0
ගලේවෙල අපරාධ අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

රිය අනතුරකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි ගලේවෙල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත තුෂාර (46)මහතා ඊයේ (03) මියගොස් ඇත.

මැල්සිරිපුර පදිංචිකරුවෙක් වන ප්‍රියන්ත තුෂාර මහතා රාජකාරි නිවාඩු ලැබ සිය නිවස වෙත පුද්ගලික යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී කැබ් රථයක ගැටී අනතුර සිදුව ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 29 වෙනිදා අලුයම් කාලයේදීය.

ඉතාමලුව කඳවුරේ කපිතාන්වරයෙක් විසින් පදවන ලද කැබ් රථයක යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදුව තිබුණු බව පොලීසිය සඳහන් කළේය.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගමන් කළ යතුරුපැදිය මාර්ගයේ වැරදි මංතීරුවේ ධාවනය වී කැබ් රථයේ ගැටී ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් තිබුණි. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නින්ද ගොස් මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය විශ්වාස කරයි.

මෙම අනතුරින් පසු පොලිස් නිලධාරියා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහා රෝහලට මාරුකර යවා තිබුණි. මිය යන තෙක්ම ඔහු මහනුවර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම අනතුර සම්බන්ධයෙන් යුධ හමුදා කපිතාන්වරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබුණි. එහිදී ඔහු ඇප මත මුදාහැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here