Home දේශීය පුවත් උණුසුම් පුවත් විදුලි ගාස්තුව දැනෙන්න අඩුවෙයි

විදුලි ගාස්තුව දැනෙන්න අඩුවෙයි

විදුලි ගාස්තුව දැනෙන්න අඩුවෙයි

අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත විදුලි ගාස්තු 21.9%කින් අඩු කෙරේ.

මහජන උපයෝගීතා කොමිසම මේ බව නිවේදනය කරයි.

ඒ අනුව ගෘහස්ත විදුලි ගාස්තු අඩුකිරීම පහත පරිදි වේ.

ඒකක 30ට අඩු 33% කින්
ඒකක 31 -60 අතර 28% කින්
ඒකක 61-90 අතර 30% කින්
ඒකක 91-180 අතර 24% කින්
ඒකක 180ට වැඩි 18%කින් ගාස්තු අඩුවනු ඇත.

ආගමික ස්ථාන සහ පුණ්‍යායතන සඳහා 33% කින්,
හෝටල් සහ කර්මාන්ත සඳහා 18% කින්,
පොදු අරමුණු ස්ථාන සඳහා 23% කින් විදුලි ගාස්තු අඩුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here