Home උණුසුම් පුවත් චීනය ප්‍රථම වරට ඔලිම්පික් සර්ෆිං තරග සඳහා සුදුසුකම් ලබයි

චීනය ප්‍රථම වරට ඔලිම්පික් සර්ෆිං තරග සඳහා සුදුසුකම් ලබයි

චීනය ප්‍රථම වරට ඔලිම්පික් සර්ෆිං තරග සඳහා සුදුසුකම් ලබයි

චීනය ප්‍රථම වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සර්ෆිං තරග සඳහා සුදුසුකම් ලබයි.

පෝටෝ රිකෝ හි පැවති 2024 ලෝක සර්ෆිං ක්‍රීඩා උළෙලේ, කාන්තා කෙටි පුවරු සර්ෆිං සඳහා සුදුසුකම් ලැබීමේ තරගයේ හයවැනි වටයේ දී, 15 හැවිරිදි චීන ක්‍රීඩිකාවක වන යං සිචි ඉහළ දස්කම් දැක්වූවාය. එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ද ඇය සමත් ව තිබේ.

සාර්ථක ලෙස ඊළඟ තරග අදියරට මුහුණ දුන් ඇය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ද සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. එය චීනය ඔලිම්පික් සර්ෆිං තරග සඳහා සුදුසුකම් ලැබූ පළමුවැනි අවස්ථාව වීම විශේෂත්වයකි.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ඉසව් 32 න් 30 කට පමණ සහභාගි වීමට චීනය සුදුසුකම් ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here