Home special 2027 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය බෙයිජිං නගරයේ දී

2027 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය බෙයිජිං නගරයේ දී

2027 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය බෙයිජිං නගරයේ දී

 
2027 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය බෙයිජිං නගරයේ දී පවත්වන බව ලෝක මලල ක්‍රීඩා කවුන්සිලය නිවේදනය කරයි. එය ඊයේ (28) ප්‍රකාශයට පත්කෙරිණ. ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය බෙයිජිං නගරයේ දී පැවැත්වෙන්නේ වසර 12 කට පසුව යි.
 
ග්ලාස්ගෝ නගරයේ පැවති, 234 වැනි ලෝක මලල ක්‍රීඩා කවුන්සිල රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. 2027 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට බෙයිජිං නගරය සත්කාරකත්වය දැරීම පිළිබඳව සතුටට පත් වන බව, කවුන්සිලයේ සභාපති Sebastian Coe මහතා එහිදී ප්‍රකාශ කළේය. බිලියන 1.4 කට වැඩි ජනගහණයක් සිටින චීනය ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා වෙළඳපොළකි. එසේම සෑම අතින්ම ලොව සුවිශාල වෙළඳපොළක් සතු චීනයේ මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීමෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය ප්‍රවර්ධනයට මහඟු අවස්ථා හිමිවනු ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here