Home උණුසුම් පුවත් උපරිම උෂ්ණත්වය කොළඹින් -පාසල් බලධාරීන්ට විශේෂ දැනුම්දීමක්

උපරිම උෂ්ණත්වය කොළඹින් -පාසල් බලධාරීන්ට විශේෂ දැනුම්දීමක්

උපරිම උෂ්ණත්වය කොළඹින් -පාසල් බලධාරීන්ට විශේෂ දැනුම්දීමක්

අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් ලබා දී තිබේ.

මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට අනාවැකි පළකර ඇත.

සියලු ම පාසල්වල විදුහල්පතිවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම පිණිස අදාළ උපදෙස් මේ වන විටත් පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් වෙත නිකුත් කර ඇති උපදෙස් මාලාව අනුව ඉදිරියේ දී ද කටයුතු කරන ලෙස වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.

අද උදෑසනින් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.8ක් ලෙස වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here