Home උණුසුම් පුවත් විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය අද

විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය අද

විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය අද

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් ඉදිරිපත් කරන ලද විදුලි ගාස්තු අඩුකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අද (පෙබ.28) සිය තීරණය ලබා දීමට නියමිතය.

ආර්ථික අර්බුධයෙන් සිදුවූ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබුණේ 20%කින් විදුලි ගාස්තු අඩුවිය යුතු බවයි.

ලංවිම විසින් පෙබරවාරි 22 වන දින කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳව තීරණය කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අද දින රැස්වීමක් කැඳවනු ඇත.

අවම වශයෙන් 2023 ඔක්තෝම්බර් මාසයේදී වැඩි වූ ගාස්තු හා ප්‍රතිශතය අඩු කිරීමට ලංවිම අපේක්ෂා කරන බව අමාත්‍ය කංචන විජේසේකර පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැවසීය.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ගෘහස්ත සහ ආගමික සිද්ධස්ථාන සඳහා 18%කින්ද, කර්මාන්ත සහ හෝටල් සඳහා 12%කින්ද, රාජ්‍ය ආයතන සඳහා 24%කින්ද විදුලි ගාස්තු ඉහළ දමන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here