Home උණුසුම් පුවත් පොලීසියට නිල ඇඳුම් -සපත්තු දෙන්න ලංසු කැඳවයි

පොලීසියට නිල ඇඳුම් -සපත්තු දෙන්න ලංසු කැඳවයි

පොලීසියට නිල ඇඳුම් -සපත්තු දෙන්න ලංසු කැඳවයි

මේ වසර සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරින්ට නිලඇඳුම් සහ පාවහන් සැපයීමේ කටයුතු ආරම්භ කර තිබේ.

ඒ යටතේ මේ වසර සඳහා පොලිස් පරීක්ෂක ශ්‍රේණිවල හා කනිෂ්ඨ ශ්‍රේණිවල නිලධාරින් වෙත නිල ඇඳුම් නිකුත් කිරීමට රෙදි මීටර් 732,000ක් අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇත.

එමෙන්ම පොලිස් සැරයන්/පොලිස් කොස්තාපල් නිලධාරින් වෙත ලබාදීමට හම් සපත්තු ජෝඩු 70,000ක් මේ වසර සඳහා අවශ්‍ය වේ.

ඒ අනුව, ශ්‍රී ලංකා පොලීසිය වෙත 2024 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිත කරමින් මේවා සැපයීම සඳහා ලංසු කැඳවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කර එම රෙදි තොගය සහ පාවහන් තොගය සැපයීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here