රාජ්‍ය සේවයේ සිටීමේ හරයක් නොමැති බවත් තමා ඕනෑම අවස්ථාවක තමා විශ්‍රාම යෑමට සුදානම් බවත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.
“සේවකයා සුළු වුණාට සේවය සුළුයි කියලා නෙවෙයි මම කිව්වේ” යැයි සමාව අයදිමින් ඔහු අද මාධ්‍ය හමුවකදී කියාසිටියේ එම වචනය ආයතන සංග්‍රහයේ තිබෙන දෙයක් මිස තමා හදපු දෙයක් නොවන බවයි.
අද (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පවසා සිටියේ, “අද සෞඛ්‍ය අමාත්‍යාංශයත් සෞඛ්‍ය ඉන්නේ උසස් නිලධාරීනුත්, අර අපි ඉංග්‍රීසියෙන් පොතක් ලිව්වොත් කියන්නේ Easy Administration කියලා. මේකෙ තියෙන්නේ කටහඩේ බලයට පරිපාලනය කරනවා. දෙතුන් සීයක් එකතුවෙලා කිව්වොත් මෙයාව එළවන්න කියලා එළවනවා. එළෝනවා. හැබැයි 11000 න් ඉතුරු 10700ම පොඩ්ඩක් නිහඩව වගේ හිටියොත් අර 300ගේ හඬ තමයි ප්‍රබල. ඉතින් ඒ තත්වෙන් තමයි තීන්දු තීරණ ගන්නේ. හැබැයි මම එකක් කියනවා, මම නම් විශ්‍රාම යන්නත් ලෑස්තියි. දැන් මට අවුරුදු 55 ලබලා තියෙන්නේ. මේ රාජ්‍ය සේවයේ ඉඳීමේ හරයක් නැහැ. මොකද රට අරාජිකයි. රටේ සිවිල් පරිපාලනය බල්ලට ගිහිල්ලා. ඩොක්ට බෙල්ලනට පොඩි ට්‍රාන්සර් එකක් දුන්නම ඉවරයිනේ කියලා හිතන පිරිස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්නවා. මගෙත් එක්ක තියෙන තරහකට නෙවෙයි. ඊසි ඇඩ්මිනිස්ට්‍රේෂන්. මේ රටේ මෙච්චර කල් වුණෙත් අද ගුටිකන්න. කනිෂ්ට කාර්ය මණ්ඩලය කියනවා, සුළු සේවකයා කියනවා, සොරි..සමාවෙන්න.. සේවකයා සුළු වුණාට සේවය සුළුයි කියලා නෙවෙයි මම කිව්වේ. සේවකයා සුළුයි. ඒක තමයි පොතපතේ ආයතන සංග්‍රහයේ තියෙන වචනය. ඒ අනුව සුද්දා විසින් හදලා තියෙන ආයතන සංග්‍රහයේ තියෙන වචනය. ඒ්කට ඉතින් මට කරන්න දෙයක් නෑ. ඒක භේද භින්න කරවලා තියෙන්නේ මම නෙවෙයි.” යනුවෙනි.
සබැඳි පුවත්
වෛද්‍ය බෙල්ලනගේ ප්‍රශ්නේ ගැන විමර්ශනයක්
වෛද්‍ය බෙල්ලනගේ ‘අයිසේ තමුසෙලා..’ කාර්යාලය වටලති -පාලනය කැරළි මර්දනයෙන් (📹)