Home උණුසුම් පුවත් රටින් පැන්න බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතකයෝ අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

රටින් පැන්න බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතකයෝ අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

0
රටින් පැන්න බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතකයෝ අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන් ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්නයේ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකුගේ ඡායාරූප පොලිස් මූලස්ථානය මාධ්‍ය වෙත නිකුත්කරමින් ඒ අය අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි.

පස් පුද්ගල ඝාතනයට වෙඩික්කරුවන් දෙදෙනකු සම්බනන්ධ වී ඇති බව විමර්ශනයේදී හෙළිවී ඇත. ඒ එක් වෙඩික්කරුවෙක් ගුවන්තොටුපොල හරහා ඩුබායි බලා පළාගොස් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කළ විමර්ශනයේදී හෙළිවිය. නාවික හමුදාවේ විශ්‍රාමිකයෙක් වන එම වෙඩික්කරුගේ බිරිදත් පියාත් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තේය. රුපියල් ලක්ෂ 20ක කොන්ත්‍රාත්තුවකට අනුව ඔහු එම පස්පුද්ගල ඝාතනයට සම්බන්ධ වී ඇති බව හෙළිවී තිබුණි.

පොලිස් මූලස්ථානය විසින් මාධ්‍යට නිකුත් කළ ඡායාරූප අතර දෙවැනි වෙඩික්කරුගේ ඡායාරූපයද ඇත. මහගමගේ දිනේෂ් ප්‍රියංකර නොහොත්  චූටියා නොහොත් මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර නැමැති එම වෙඩික්කරු යුද හමුදා විශේෂ බලකායේ සේවයේ නිරතව සිටි අයෙක් බව සඳහන්ය.

අම්බලන්ගොඩ කහව ඩෙන්මාර්ක් කොළණියේ පදිංචිකරුවෙක් වන ඔහු 892362890V ජාතික හැදුණුම්පත් අංකය දරන්නෙකි. මෙම පුද්ගලයා බෝට්ටුවක නැගී මෙරටින් පළාගොස් ඇතැයි බුද්ධි අංශ  සඳහන්කරයි.

මෙම පස් පුද්ගල ඝාතනයේ වෙඩික්කරුවන් ගමන් කළ ජිප් රථය පැදවූ බව කියන යුද හමුදාවේ මේජර්වරයෙක් ලෙස සේවයේ නිරතව සිටි නානායක්කර අගරගේ නිශාන්ත සමන් කුමාර ඩයස් නැමැති අය අත්අඩංගුවට ගැනීමටද පොලිස් මූලස්ථානය මහජන සහය පතයි.  තඹුත්තේගම යාය 04 පදිංචිකරුවෙක්වන ඔහු අගුරුවැල්ල ගල්පාත ප්‍රදේශයේද ගැවසෙන බව සඳහන්ය. ඔහුගේ ජාතික හැදුණුම්පත් අංකය වන්නේ 740744330V වේ.

බුද්ධි අංශ සඳහන්කරනු ලබන්නේ ඔහුද රටින් පළාගොස් ඇති බවය. බෝට්ටුවක නැගී ඔහු පළාගොස් ඇති බව කියයි.

මහගමගේ දිනේෂ් ප්‍රියංකර
නානායක්කාර අගරගේ නිශාන්ත සමන් කුමාර ඩයස්
රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here