Home උණුසුම් පුවත් කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්

කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්

කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්

ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් ගෙන්වීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව අද (15) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

අද දින නඩුව විභාගයට ගැනුණු අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ප‍ැමිණ නොතිබූ අතර අසනීප තත්ත්වය ඊට හේතු ලෙස දන්වා තිබුණි.

ස්නායු රෝගීන් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කාමන්ත තුෂාර මහතා ඇතුළු පිරිසක් කළ පැමිණිල්ලට අදාළව කරන ලද විමර්ශනයට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගැනුණි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට මෙම වැරදිසහගත පියවර ගත් බවට කෙහෙහළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here