ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය (PMD) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ නියමිත කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.
එහෙත් මහ මැතිවරණය වත්මන් කාලරාමුවට අනුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා 2025 අයවැයෙන් මුදල් වෙන්කිරීමට සැලසුම් කර ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.
මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවද අදාළ නිවේදනයේ සදහන් ය.
කෙසේවෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියානු නිල සංචාාරය අතරතුරදී ඉන්දීය මාධ්‍යයක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පසුගියදා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය මේ වසරේදී පැවැත්‍වීමට අපේක්ෂිත බවයි.
එමෙන්ම දේශපාලන වේදිකාවේ බහුලව කතාබහ වූයේ ද මහමැතිවරණය මේ වසරේදී පැවැත්වෙනු ඇති බවය.
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට ලබන අයවැයෙන් මුදල් වෙන් කරන බවට පසුගිය කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබුණි.
මේ අනුව මහමැතිවරණය, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ 3 සඳහාම 2025 අයවැයෙනන් මුදල් වෙන්කිරීමට රජයට සිදුවනු ඇත.