තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි ගාස්තු වෙනස මාර්තුවට කලින්

    විදුලි ගාස්තු වෙනස මාර්තුවට කලින්

    ලබන මාර්තු මාසයට පෙර විදුලිය ගාස්තු සංශෝධනය සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    එහි සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඊට අදාළ වාචික අදහස් ලබා ගැනීම් අනිද්දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිදුකරන බවයි.

    ඒ සඳහා ලියාපදිංචි වීමේ කාලය ඊයේ අවසන් විය. මහජන අදහස් විමසීමෙන් අනතුරුව, කොමිසම රැස්වී ගාස්තු අඩු කිරීමට කඩිනමින් පියවර ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේ ය.

    එම කටයුතු මාර්තු මාසයට ආරම්භයට පෙර අවසන් කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

    2023 වර්ෂයේ ලංකා විදුලිබල මණ්ඩලය උපයාගත් ලාභය සහ 2023 වර්ෂය අවසන් වනවිට පැවති යහපත් ජල විදුලිය ධාරිතාව සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපක් කරන ලෙස පසුගියදා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලා තිබුණි.

    ජනවාරී 16 වැනිදා 3.34% විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාවක් විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යොමු කරන්නේ ඒ අනුවයි.

    එම යෝජනාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් විධිමත් නිරීක්ෂණයක් සිදුකළ මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගිය ජනවාරි 23 වැනිදා ඊට අදාළ ලේඛනයක් ඉදිරිපත් කර තිබුණි.

    කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව 2024 වර්ෂය සඳහා මෙගාවොට් 100ක විදුලිය මිලදී ගැනීමක් යෝජනාවට ඇතුළත් කර ඇති බවත්, ජනන බලපත්‍ර නොමැති විදුලි බලාගාරවලින් විදුලිය ලබාගැනීමට ලංවිම යෝජනා කර ඇති බවත් එහි සඳහන් ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img