Home උණුසුම් පුවත් තාක්ෂණික දෝෂයට ලක්වූ ශ්‍රීලන්කන් ගුවන්යානය ආරක්ෂිතව ගොඩබස්වයි

තාක්ෂණික දෝෂයට ලක්වූ ශ්‍රීලන්කන් ගුවන්යානය ආරක්ෂිතව ගොඩබස්වයි

තාක්ෂණික දෝෂයට ලක්වූ ශ්‍රීලන්කන් ගුවන්යානය ආරක්ෂිතව ගොඩබස්වයි

මෙල්බන් සහ කොළඹ අතර පියාසර කරන UL 605 දරන ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආපසු සුරක්ෂිතව මෙල්බන් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.

එම යානය පිටත් වූයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් පැය 18.16 ට ය.

ගුවන් යානයේ සිටි සියලුම මගීන් සුරක්ෂිතව ඉන් පිටතට පැමිණ තිබේ.

මේ වනවිට තාක්ෂණික කණ්ඩායමක් එම ගුවන් යානාව පරීක්ෂාවට ලක්කරමින් අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙමින් සිටී.

ගුවන් යානය නැවත පිටත්වන තුරු මගීන් සියලුම දෙනාට හෝටල් නවාතැන් පහසුකම් සපයා තිබෙන බව ද ශ්‍රීලන්කන් ගුවන් සේවය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here