Home special මැරතන් ලෝක වාර්තාලාභියා රිය අනතුරකින් දිවි හැරයයි

මැරතන් ලෝක වාර්තාලාභියා රිය අනතුරකින් දිවි හැරයයි

0
මැරතන් ලෝක වාර්තාලාභියා රිය අනතුරකින් දිවි හැරයයි

පිරිමි මැරතන් ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ කෙල්වින් කිප්ටම් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

24 වැනි වියේ පසුවූ ඔහු, ඊයේ (11) බටහිර කෙන්යාවේ මාර්ගයකදී මෙලෙස අනතුරට පත්ව ඇත.

කිප්ටම් ගමන් ගත් මෝටර් රථයක් තුළ ඔහුගේ පුහුණුකරු වන රුවන්ඩාවේ ගර්වයිස් හකිසිමානාද මරණයට පත්ව තිබේ.

කිප්ටම් රථය ධාවනය කර ඇති බවත් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමත් සමඟ මෙලෙස අනතුරට පත්ව ඇති බවත් කෙන්යානු පොලිසය සඳහන් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී චිකාගෝ මැරතන් තරඟයේදී කිප්ටම්ගේ පැය දෙකයි තත්පර තිස් හයකින් තරඟ නිමාකරමින් ලෝකවාර්තාව තමන් සතු කරගැනිමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here