Home උණුසුම් පුවත් ඩියුටි යනවා කියා පොලීසියේ කට්ටියක් මුහුදේ නාන්න ගිහින් -නිලධාරියෙක් ගිලී මරුට

ඩියුටි යනවා කියා පොලීසියේ කට්ටියක් මුහුදේ නාන්න ගිහින් -නිලධාරියෙක් ගිලී මරුට

0
ඩියුටි යනවා කියා පොලීසියේ කට්ටියක් මුහුදේ නාන්න ගිහින් -නිලධාරියෙක් ගිලී මරුට

ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් රාජකාරි කටයුත්තකට යන බවට පොලිස් පොත්වල සටහන් තබා පමණුගමට ඊයේ ගොස් තල්දියවත්ත මුහුදු තීරයේ දියනාමින් සිටියදී නිලධාරියෙක් දියේ ගිලී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් වන එච්.එස්. හෙට්ටිආරච්චි යන නිලධාරියාය. ඔහු අවුරුදු 24ක් වයසැති බදුල්ල කෝට්ටනේගොඩ පදිංචිකරුවෙකි.

මෙම මරණය සම්බන්ධයෙන් සහ මෙම නිලධාරීන් ගියේ සඳහන් රාජකාරිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here