Home උණුසුම් පුවත් සබරගමුව සරසවියේ සිසුන් 7ක් අත්අඩංගුවට

සබරගමුව සරසවියේ සිසුන් 7ක් අත්අඩංගුවට

0
සබරගමුව සරසවියේ සිසුන් 7ක් අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් හත් දෙනෙක් සමනලවැව පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

එම විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට හා සිසුවියකට ආපන ශාලාවේදී කළ පහරදීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

අත්අඩංගුවට ගත් සිසුන් කෝට්ටේ, ඇහැළියගොඩ, බුලත්සිංහ, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, මාතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

මෙම සිසුන් 07 දෙනා අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here