තවත්
    මුල් පිටුවspecialරන් පතල නායයාමෙන් මියගිය ගණන 54 දක්වා ඉහළට

    රන් පතල නායයාමෙන් මියගිය ගණන 54 දක්වා ඉහළට

    දකුණු පිලිපීනයේ රත්රන් පතලක් ආශ්‍රිතව සිදුවූ නායයාමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 54 දක්වා ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 63 ක් වූ අතර, එම සංඛ්‍යාව නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බව එම පළාත් රජය පවසයි. නාය යාමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 32 කි.

    ගලවා ගැනීමේ සේවකයින් මඩ තුළිින් තවත් සිරුරු සොයාගනිමින් සිටින බව ද එම වාර්තාවල දැක්වේ.

    ඩාවෝ ‍ඩ ඕරෝ පළාතේ මැකෝ නගරයේ රන් ආකරයක් අසල පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දරුණු නායයාමක් සිදුවිය.

    ඒ ආශ්‍රිතව පැවති නිවාස, සේවකයින් ප්‍රවාහනය කළ වාහන ආදිය මෙම නායයාමෙන් යටවී ගියේය.

    මෙම රත්රන් පතල් ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ ඇපෙක්ස් මයිනින්ග් සමාගමයි.

    මෙම ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා නිලධාරීන් 300 කට අධික පිරිසක් යොදවා ඇත.

    නමුත් අධික වර්ෂාව, ඝන මඩ සහ තවදුරටත් නායයෑමේ තර්ජනය හේතුවෙන් මෙහෙයුම් අඩාල වී ඇති අතර අද පෙරවරුවේ සිට යළි මෙහෙයුම් අරඹා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img