තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇෆ්ගනිස්ථානය පන්දු රැකීම තෝරා ගනී

    ඇෆ්ගනිස්ථානය පන්දු රැකීම තෝරා ගනී

    ශ්‍රි ලංකාව සමඟ තරග තුනකිස් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථානය අද (09) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දු රැකීම තෝරාගත්තේය.

    ඒ අනුව ශ්‍රී ලංකා ණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වන අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිශ්ශංක පන්දුවට පහර දීමට පිටියට පිවිසියහ. දෙවන පන්දුවාරය අවසානයේ ඔවුන් ලකුණු 11ක් රැස් කිරීමට සමත්විය.

    අද තරගයට කුසල් මෙන්ඩිස් නායකත්වය සපයන අතර ආරම්භක පිතිකරුවන් දෙපළ ඇතුළුව සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ජිනිත් ලියනගේ, වනිදු හසංරංග, මහේෂ් තීක්ෂණ, ප්‍රමෝද් මදුෂාන්, දුෂ්මන්ත චමීර සහ ඩිල්ෂාන් මධුශංක ක්‍රීඩා කරති.

    ඇෆ්ගනිස්ථානයට හෂ්මුල්ලා ෂයිඩි විසින් මෙහෙයවන අතර ඊබ්‍රහම් සඩාන්, රහුමුල්ලා ගුරුබාස්, රමත් ෂා, ඉක්රම් අලිකිල්, අස්මුල්ලා ඔමාසායි,ගුල්බාඩින් නයිබ්,මොහොමඩ් නබි,නූර් අහමඩ්,ෆස්ලා ෆාරුක් සහ ෆරීඩ් අහමඩ් ක්‍රීඩා කරති.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img