චීන කාබනික පොහොර සමාගම සහ රාජ්‍ය පොහොර සමාගම් දෙක අතර ඇතිකරගත් අධිකරණ සමථය ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු නිරාකරණය කිරීම දෙරට අතර මිත්‍ර සබඳතා පළුදු නොවන අයුරින් විසඳාගැනීම සඳහා සාකච්ඡා කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි අමාත්‍යාංශය පවසයි.
මෙම කාබනික පොහොර ගනුදෙනුව නිසා ඇතිව තිබෙන ගැටළු සහගත තත්ත්වයට විසඳුමක් ලබාගැනීම සඳහා ඊයේ (07) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් ද පවත්වා ඇත.
ශ්‍රී ලාංකික ගොවි ජනතාවගේ යහපත උදෙසා ද මෙම පියවර ගන්නා බවත් ඒ අනුව මහජන චීන රජයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු කටයුතු පිළිබඳ උප අමාත්‍ය මා-යූෂියැංග් මහතා ඇතුළු නියෝජිත පිරිස සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් රජය කියාසිටී.
එම චීන බලධාරීන් මෙම මස 19-22 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිපික් කළාපීය සමුළුවට සහභාගිවීමට නියමිත ය. සාකච්ඡාව එහිදී පැවැත්වීමට රජය තීරණය කර ඇත.
2021 වර්ෂයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් චීනයේ පුද්ගලික සමාගමකින් කාබනික පොහොර මිල දී ගත්තේ ය.
එම ගනුදෙනුව පසුකාලීනව ගැටලු සහගත තත්ත්වයකට එළඹුණු අතර එම ගැටලුව නිරාකරණය සඳහා වරින්වර විවිධ පියවර ගැනිණි.
එහෙත් එම පියවර ක්‍රියාත්මක කිරීමේ දී පැනනැගුනු ඇතැම් ප්‍රායෝගික කාරණාවන් මත එම ගනුදෙනුව නිරාකරණය කර ගැනීම කල් ගතවිය.
විශේෂයෙන් අදාළ කාබනික පොහොර සැපයූ චීන සමාගමේ කීර්ති නාමයට හානි කිරීම යන චෝදනාව මත අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක වන්දි මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීමට පවා සිදුවිය.
මෙම මුදලට සරිලන පරිදි වෙනත් පොහොර කෘෂි උපකරණ ලබාගැනීමට තීරණය කළද අදාළ සමාගම විසින් නිපදවනු ලබන්නේ එම කාබනික පොහොර ම බැවින් කෘෂිකාර්මික අවශ්‍යතාවන්ට සරිලන වෙනත් නිෂ්පාදනයක් ලබා ගැනීමට ද අසීරු වී ඇතැයි රජය කියයි.
මේ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර චීනය හා ශ්‍රී ලංකාව දෙරට අතර මිත්‍රශීලී එකඟතාවකට පැමිණ මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා වඩාත් සුදුසු යෝජනා කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට 2022 වසරේ සැප්තැම්බර් 13 දින අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි.