Home උණුසුම් පුවත් ගෙදරට ආ ඡන්ද කොළේ පුරවලා මේ දිනට කලින් අනිවාර්යෙයන් දෙන්න..

ගෙදරට ආ ඡන්ද කොළේ පුරවලා මේ දිනට කලින් අනිවාර්යෙයන් දෙන්න..

ගෙදරට ආ ඡන්ද කොළේ පුරවලා මේ දිනට කලින් අනිවාර්යෙයන් දෙන්න..

2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ කටයුතු පෙබරවාරි 29 වැනි දාට පෙර අවසන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

තම නිවෙස් වෙත ලැබී ඇති ඡන්ද හිමි නාම ලේඛනයේ වයස අවුරුදු 18ට වැඩි පවුලේ සාමාජිකයින් හෝ නිවසේ රැඳී සිටින පුද්ගලයින් සියලුදෙනාගේ තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ අනුව ස්ථිර පදිංචිය වෙනස් නොකළ, විවාහය, අධ්‍යාපන කටයුතු හෝ හේතුවක් මත වාසස්ථානය වෙනස් කළ පුද්ගලයින් සියලු දෙනා ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය යුතුයි.

ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූවත් විදෙස් ගතව සිටින පවුලේ සාමාජිකයින්ගේ නම් ද ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කළ යුතු බව කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here