Home special “මාස කීපයක් තුළ ජය නියතයි.. ඒ නිසා සටන් විරාම බෑ” -ඊශ්‍රායල අගමැති

“මාස කීපයක් තුළ ජය නියතයි.. ඒ නිසා සටන් විරාම බෑ” -ඊශ්‍රායල අගමැති

0
“මාස කීපයක් තුළ ජය නියතයි.. ඒ නිසා සටන් විරාම බෑ” -ඊශ්‍රායල අගමැති

ගාසා තීරයේ තුල සටන් විරාමයක් ඇති කිරීම සඳහා හමාස් සංවිධානය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අදාල කොන්දේසි ඊශ්‍රායල අග්‍රාමත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊශ්‍රායල නායකයා විසින් මෙලෙස සටන් විරාමයට අදාල කොන්දේසි ප්‍රතික්ෂේප කර ඇත්තේ නිසැකවම ගාසා තීරයේ සමස්ථ ජය මාස කීපයක් තුල තමන්ට අත්වන බවට ප්‍රකාශ කරමින්ය.

සටන් විරාම සාකච්ඡා කිසිදු දිසාවකට ගමන් නොකරන බවත් හමාස් සංවිධානය ඉදිරිපත් කර ඇති යෝජනා විකාරරූපී බවට ද අග්‍රාමත්‍ය නෙතන්යාහූ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

“අපිට වෙනත් මාර්ගයක් ඉතිරිව නැහැ. දැන් එළෑඹ ඇත්තේ සම්පූර්ණ ජයග්‍රහණය ලබා ගැනීම පමණයි.”

කෙසේවෙතත් ඊජිප්තුව සහ කටාර් රාජ්‍ය එක්ව නව සාම සාකච්චා වටයක් සඳහා යොමුවීමට නියමිත බවට වාර්තා වන අතර මැදපෙරදි කළාපය තුල ගාසා තීරයේ සටන් විරාමයක් ඇති වෙනු ඇති බවට දැඩි අපෙක්ෂාවක් පවතින බවටද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here