Home උණුසුම් පුවත් අලි මරණයකට ජාතික පාසලක නියෝජ්‍ය විදුහල්පති අත්අඩංගුවට

අලි මරණයකට ජාතික පාසලක නියෝජ්‍ය විදුහල්පති අත්අඩංගුවට

0
අලි මරණයකට ජාතික පාසලක නියෝජ්‍ය විදුහල්පති අත්අඩංගුවට

විදුලි සැර වැදීමකින් සිදුවූ වන අලි මරණයක් සම්බන්ධයෙන් සැකපිට ගිරිබාව ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාව වනජීවි නීලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයාට අයත් හොලිඩේ රිසෝට් ලැගුම්හලක් ඉහළ ගිරිබාව වැව් ඉස්මත්තේ ඇති බව වනජීවි නිලධාරීන් සඳහන් කරයි. එම ලැගුම්හල පිහිටි භූමිය වන සතුන්ගෙන් ආරක්ෂාකර ගැනීමට විදුලි වැටක් සවිකරකර තිබී ඇත. එම විදුලි වැටේ ගැටී පෙරේදා (05) වන අලියෙක් මියගොස් තිබේ. එම වන අලි මරණය සම්බන්ධයෙන් මෙසේ ලැගුම්හලේ හිමිකරු වන නියෝජ්‍ය විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විදුලි සැර වැදී මිය ගිය වන අලියා වයස අවුරුදු 06ක් පමණ වන සතෙක් බව වනජීවි නිලධාරීන් සඳහන් කරයි.

අත්අඩංගුවටගත් නියෝජ්‍ය විදුහල්පතිවරයා අවුරුදු 44ක් වයසැති ගිරිබාවේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here