තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස්වල -කෝච්චිවල ජැක්සන්ලා අල්ලන පොලිස් මෙහෙයුම අරඹයි

    බස්වල -කෝච්චිවල ජැක්සන්ලා අල්ලන පොලිස් මෙහෙයුම අරඹයි

    ළමයින්ට හා කාන්තාවන්ට පොදු ප්‍රවාහන සේවාවලදී සිදුවන ලිංගික හිංසනයන් මැඩපැවැත්වීමට පොලිසියෙන් අද සිට දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භකරනු ලැබීය.

    පොදු ප්‍රවාහන සේවාවලදී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හා වැඩ බලන පොලිස්පතිවරයාට ලද තොරතුරු හා දෛනිකව පොලිස් ස්ථාන වලට වාර්තාවන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් ළමා හා කාන්තා අපයෝජව වැලැක්වීමේ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය සඳහන් කළාය.

    මෙම මෙහෙයුම මගින් මහජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පැය 0800 සිට පැය 1000 දක්වා සහ පැය 1700 සිට පැය 1900 දක්වා කාලයේදී වැඩි ප්‍රමුඛත්වය ලබාදී මෙහෙයුම් සිදු කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත.

    මෙහිදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන් කණ්ඩායම බැගින් බස් රථ වල ගමන් කරවීමට කටයුතු කරනු ලබන අතර, මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන වීදි, බස්නැවතුම් පල, දුම්රිය ස්ථාන ආදි ස්ථාන වෙතද විශේෂ අවධානයක් යොමු කරනු ලබයි.

    මෙම මෙහෙයුම් සිදුකරන කාල සිමාව තුළ නිල ඇදුමින් පොලිස් නිළධාරීන් කණ්ඩායම් (විශේෂයෙන්ම ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි) සිවිල් ඇදුමින් ගමන් ගන්නා නිළධාරීන්ට සහයක් අවශ්‍ය වු විට නොපමාව එම සහාය ලබාදීමට හැකි වන පරිදි සුදානම් කර තැබීමටද කටයුතු සුදානම් කර ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img