Home උණුසුම් පුවත් ලෙලි කජු ගෙන්වයි

ලෙලි කජු ගෙන්වයි

ලෙලි කජු ගෙන්වයි

මෙම වර්ෂය සඳහා උපරිම වශයෙන් ලෙලි කජු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

ඉදිරි වසර 04ක කාලය තුළ දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා වන කාලසීමාවේදී ද ලෙලි කජු ආනයනය කිරීමටත් පියවර ගෙන ඇත.

ඉදිරි වසර 4 සඳහා ලෙලි කජු ආනයනය කරනු ලබන්නේ අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් මඟින් තීරණය කරනු ලබන ලෙලි කජු ප්‍රමාණයක් පමණි.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් මේ පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 25,000ක් පමණ වේ.

නමුත් දැනට දේශීය වශයෙන් සපයා ගත හැක්කේ මෙට්‍රික්ටොන් 12,500ක් පමණි.

පසුගිය කන්නය තුළ අපේක්ෂිත අස්වැන්න නොලැබීම හේතුවෙන් මෙරට කජු කර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් අවාසිදායක තත්ත්වයක් ඇති වී තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රජය ඉහත පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here