පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ලබන වසරේදී පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබේ.
රජයට ඇති සීමිත මුදල් හැකියාව තුළ, ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීම වෙනුවෙන් අයවැයෙන් මැතිවරණ සඳහා වෙන්කරන ලද මුදල කළමනාකරණය කරගැනීමට සිදුවන බැවින් ඉහත මැතිවරණ දෙක පැවැත්වීමට අවශ්‍ය මුදල් මීළඟ අයවැයෙන් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
ඊයේ පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම සඳහා සිය එකඟතාව ලබා දී ඇත්තේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු මත පදනම්ව ය.
මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මඟින් රුපියල් බිලියන 10ක් වෙන්කර ඇත.
කෙසේවෙතත් ලබන වසරේදී පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට පෙර, මැතිවරණ නීති සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය මත හඳුන්වා දිය යුතු බව ද ඊයේ පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් වැඩිදුරටත් සැලකිල්ලට ගෙන ඇත.
1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරය) ප්‍රකාරව ස්ථාපිත කරන ලද සහ අංක 2354/06 දරන 2023-10-16 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශ මත පදනම්ව අවශ්‍ය වන්නේ නම් එම නීති සංශෝධනය කළ හැකි බවට එහිදී සාකච්ඡා වී තිබේ.