Home උණුසුම් පුවත් හලාවත මූල්‍ය ආයතනයක සේප්පු කපා සල්ලි උස්සලා -කාන්තාවන් 2ක් අත්අඩංගුවට

හලාවත මූල්‍ය ආයතනයක සේප්පු කපා සල්ලි උස්සලා -කාන්තාවන් 2ක් අත්අඩංගුවට

0
හලාවත මූල්‍ය ආයතනයක සේප්පු කපා සල්ලි උස්සලා -කාන්තාවන් 2ක් අත්අඩංගුවට

හලාවත පිහිටි මූල්‍ය ආයතනයක දොරක් බිඳ ඇතුළු වී සේප්පුව දෙකක් කපා රුපියල් ලක්ෂ 71කට ආසන්න මුදලක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සොරකම සිදුවන්නේ පසුගිය 31 වෙනිදා රාත්‍රී කාලයේදීය.

හලාවත නගරයේ පිහිටි මෙම මූල්‍ය ආයතනයේ සේප්පු කපා ඇත්තේ ග්‍රයින්ඩරයක් ආධාරයෙනි.

මේ සම්බන්ධයෙන් දිර්ඝ ලෙස විමර්ශන පැවැත්වූ පොලීසිය පළමු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දින කොල්ලුපිටියේදීය. ඔහු අවුරුදු 28ක් වයසැති දෙනියායේ පදිංචිකරුවෙකි.

එම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත මෙම සොරකමට ආධාර හා අනුබලදීමේ චෝදනාව මත මාදිවෙල ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පස්ගොඩ හා කඩුවෙල පදිංචි ඔවුන් අවුරුදු 33 හා 46 යන වයස්වල පසුවන්නන්ය.

මෙම සොරකම සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර සැකකරුවන්ද හලාවත පොලීසියට භාරදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here