Home COVID කොවිඩ් මරණ තවත් 33 කින් ඉහළට -අවුරුදු 104 ක මාතාවගේ මරණයත් ඒ අතර

කොවිඩ් මරණ තවත් 33 කින් ඉහළට -අවුරුදු 104 ක මාතාවගේ මරණයත් ඒ අතර

කොවිඩ් මරණ තවත් 33 කින් ඉහළට -අවුරුදු 104 ක මාතාවගේ මරණයත් ඒ අතර

කොවිඩ්-19 වෛරසය ආසාදිතව තවත් මරණ 33 ක් සිදුව ඇතැයි ඊයේ (23) මැදියමේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

එම මරණ වලින් 11 ක්ම සිදුව ඇත්තේ නිවෙස්වලදී බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනනයේ දැක්වේ.

බණ්ඩාරගම, කොළඹ, නාවලපිටිය, ගාල්ල, ගිනිමැල්ලගහ,ගිංතොට සහ රාදාවාන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් එසේ සිය නිවෙස්වලල මියගොස් ඇත. ඒ අතර ඉකුත් 22 වෙනිදා ගිනිමැල්ලගහ ප්‍රදේශයේ නිවසක සිදුවූ වයස අවුරුදු 104 ක මාතාවගේ මරණයද කොවිඩ් මරණයක් ලෙස වාර්තා කර ඇත්තේද ඊයේ මැදියම් කාලයේ නිකුත් කළ වාර්තාව මගිනි. ඇය මිය ගොස් ඇත්තේ කොවිිඩ් නිව්මෝනියා තත්වයෙන් බව සදහන්ය. අප වෙබ් අඩවිය මෙම මාතාවගේ මරණය මෙයට පෙර වාර්තා කරනු ලැබීය.

මෙම මරණ 33 ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,243 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම කොවිඩ් මරණ ගණන වාර්තා වූ දිනය අනුුව පහත දක්වා ඇත.

17 මැයි – 01
19 මැයි – 03
20 මැයි – 02
21 මැයි – 04
22 මැයි – 10
23 මැයි – 08
24 මැයි – 05
මුළු ගණන – 33

මෙම කොවිඩ් මරණ 33 වයස් ඛාණ්ඩ අනුව වාර්තා වී ඇති ආකාරය පහත දක්වා ඇත.

අවුරුදු 30ට අඩු            – කිසිවෙක් නැත
අවුරුදු 30- 50ත්  අතර  – 03 දෙනෙක්
අවුරුදු 50ට වැඩි          – 30 දෙනෙක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here