Home උණුසුම් පුවත් තිලංග තීන්දුවක් ගනී -මෛත්‍රීටත් දන්වයි

තිලංග තීන්දුවක් ගනී -මෛත්‍රීටත් දන්වයි

තිලංග තීන්දුවක් ගනී -මෛත්‍රීටත් දන්වයි

එක්සත් ජනතා සන්ධානයේ(එජනිස) ප්‍රධාන ලේකම් ධුරයෙන් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව තිලංග සුමතිපාල මහතා එහි නායක ‍හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා තිබේ.

එහෙත් ඊට පෙර, එජනිස ප්‍රධාන ලේකම් ධුරය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම පළමුව ඉවත්කර ගත යුතු බවත් ඉන් අනතුරුව තමා ඉල්ලා අස්වන බවත් තිලංග සුමතිපාල මහතා ලිඛිතව දන්වා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනා ස්ථිරත්වයකින් තිලංග සුමතිපාල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන ලේකම් ධුරයට පත්කරන ලදී.

එහෙත් මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළේ එම පත්කිරීම අභියෝගයට ලක්කරමිනි.

මෙම නඩු කටයුත්ත අධිකරණය හමුවේ පැවතීම නිසා පසුගිය වර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමේ අවස්ථාවද එහි දේශපාලකයන්ට අහිමි විය.

මෙම කරුණු ද උපුටා දක්වමින් ජනපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින මහින්ද අමරවීර ඇමතිවරයා ඇතුළු පිරිස සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් ද තිලංග සුමතිපාල මහතා සිය ලිපිය මගින් හෙළා දැක තිබේ.

එම ලිපිය පහතින් දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/එක්සත්-ජනතා-නිදහස්-සන්ධානයේ-ප්‍රධාන-ලේකම්-ධූරය-සම්බන්ධවයි.pdf” title=”එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ධූරය සම්බන්ධවයි”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here