කිලිනොච්චිය මලයාලපුරම් හී පිහිටි යුද හමුදා කදවුරක සේවයේ නිරත කෝප්රල්වරයෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇත.
අවුරුදු 29ක් වන මෙම කෝප්රල්වරයා රාජකාරියේ නිරතව සිටියදී ඊයේ සියදිවි හානිකරගෙන ඇති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කිලිනොච්චිය පොලීසිය කියයි.
මෙම කෝප්රල්වරයා සිය දිවි හානිකර ගැනීමට නිෂ්චිත හේතුවක් අනාවරණය නොවන බැවින් ඒ ගැන විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.