Home උණුසුම් පුවත් ඉන්ධන මිල වෙනස් වෙයි

ඉන්ධන මිල වෙනස් වෙයි

ඉන්ධන මිල වෙනස් වෙයි

අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. එහි නව මිල රුපියල් 371කි.

ලංකා සුදු ඩීසල් මිල ද රුපියල් 05කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 363කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 262කි.

මේ අතර ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 08කින් පහළ දමා ඇත. එහි නව මිල රුපියල් 456කි.

එසේම ලංකා සුපිරි ඩීසල් 4ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල ද රුපියල් 07කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 468කි.

ලංකා IOC සමාගම ද මෙම මිල ගණන් අනුව සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 368ක් ලෙසටය.

එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 360කි. මේ අතර සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 8කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456කි.

එසේම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468කි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here