Home උණුසුම් පුවත් බෙලිඅත්තේ පස්පුද්ගල ඝාතනයට බූස්සේ කතුන් 2ක් අත්අඩංගුවට

බෙලිඅත්තේ පස්පුද්ගල ඝාතනයට බූස්සේ කතුන් 2ක් අත්අඩංගුවට

0
බෙලිඅත්තේ පස්පුද්ගල ඝාතනයට බූස්සේ කතුන් 2ක් අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා නොහොත් රෝයල් බීච් සමන ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්ත අධිවේගී පිවිසුම ආසන්න ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ටී 56 අවි දෙක සැඟවීමට ආධාර හා අනුබලදුන් කතුන් දෙදෙනෙක් හක්මණ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කතුන් දෙදෙනා බූස්සේ පදිංචිකාරියන්ය. අවුරුදු 23 හා 33 යන වයස්වල පසුවන ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ රත්ගම දීය.

පසුගිය 22 වෙනිදා සිදුවූ වෙඩි තැබීමෙන් පසු ගිනි අවි දෙක 23 වෙනිදා උදෑෂන 6.30 වන තුරුම තිබී ඇත්තේ මෙම ප්‍රහාරය මෙරට සිට මෙහෙයුවූ බව කියන අකුරැස්සේ පදිංචිකරුවෙක් වන සමන් කුමාර නැමැති අයගේ නිවසේය. 23 වෙනිදා උදෑසන ඔහු ඩුබායි සිට ලද උපදෙස්වලට අනුව එම ගිනි අවි දෙක යතුරු පැදියකින් අකුරුස්ස නගරයට රැගෙන ගොස් ඇත. එහිදී යතුරු පැදියකින් පැමිණ සිටි අයෙකුට ඔහු ගිනි අවි භාරදී තිබුණි. එම පුද්ගලයා එම අවි දෙක කරාපිටියට රැගෙනවිත් එහිදී තවත් යතුරු පැදියකින් පැමිණි අයෙකුට භාරදී ඇත. අනාවරණය වී ඇත්තේ කරාපිටියේ සිට බූස්සට එම ගිනි අවි දෙක රැගෙන විත් ඇති බවය.

බූස්සට එම අවි රැගෙනවිත් ඇත්තේ අත්අඩංගුවටගත් කාන්තාවකට අයත් යතුරුපැදියකින් බව අනාවරණය වීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගෙන ඇත. අනෙත් තැනැත්තිය ඊට ආධාර හා අනුබලදී ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here