Home උණුසුම් පුවත් දරුවා ප්‍රසූත කිරීමට රෝහල්ගතවූ මවගේ සිරුර මුහුදේ පාවෙයි

දරුවා ප්‍රසූත කිරීමට රෝහල්ගතවූ මවගේ සිරුර මුහුදේ පාවෙයි

0
දරුවා ප්‍රසූත කිරීමට රෝහල්ගතවූ මවගේ සිරුර මුහුදේ පාවෙයි

දරු ප්‍රසූතියෙන් පසු ඇතිවූ මානසික පීඩනයක් මුල්කරගෙන මවක් රෝහලින් පළාගොස් මුහුදට පැන සියදිවි හානිකරගෙන ඇත.

රන්න තලුන්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි රුවන් තාරකා නැමැති කාන්තාව ජනවාරි 18 වෙනිදා දරු ප්‍රසූතිය සඳහා ඇතුලත්ව ඇත්තේ තංගල්ල රෝහලටය.

එහිදී ඇය බිහිකල බිළිඳා ළමා දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබී ඇත.

රෝහල් වාට්ටුවේ රැදී සිටිමින් දරුවාට මවුකිරි ලබාදෙමින් සිටි මව හිටි හැටියේම රෝහලින් ඊයේ දින අතුරුදන්ව ඇත. ඒ ගැන සොයා බැලීමේදී ඇගේ සිරුර තංගල්ල ධිවර වරායේ ජැටිය අසල තිබී හමුවූ තිබේ.

දරු ප්‍රසූතියෙන් පසු ඇය දැඩි මානසික වියවුල් තත්ත්වයකට පත්ව සිට ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙසේ මියගොස් ඇති බවට සැකකරන බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here