Home උණුසුම් පුවත් නවකවදය දුන්නාට සබරගමුව සරසවියේ සිසුන් 6ක් අත්අඩංගුවට

නවකවදය දුන්නාට සබරගමුව සරසවියේ සිසුන් 6ක් අත්අඩංගුවට

0
නවකවදය දුන්නාට සබරගමුව සරසවියේ සිසුන් 6ක් අත්අඩංගුවට

නවක සිසුන් පිරිසකට නවක වදය ලබාදීමේ සිදුවීමක් මුල්කරගෙන සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 06 දෙනෙක් සමනලවැව පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

1997 දුරකථන මධ්‍යස්ථානයට පසුගිය 14 වෙනිදා ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

සමාජ විද්‍යා හා භාෂා අධ්‍යාපන පීඨයේ සිව් වන වසරේ සිසුන් 06 දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුන් රුක්ගහවිල, මොරවක, උදුගොඩ, ඉමදූව, කිතලව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 23ත් 25ත් අතර වයස්වල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here