Home උණුසුම් පුවත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ලාංකික යාත්‍රාවක් පැහැරගනී

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ලාංකික යාත්‍රාවක් පැහැරගනී

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ලාංකික යාත්‍රාවක් පැහැරගනී

අරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් මෙරට බහුදින ධිවර යාත්‍රාවක් පැහැරගෙන ඇති බවට වාර්තා වී තිබේ.

ඒ මෙරට මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ දී ය.

ධීවර දෙපාර්තමේන්තුව පවසන්නේ එහි සිටි ධීවරයින් 06 දෙනෙකු ද සමඟ‍ මෙම යාත්‍රාව පැහැරගෙන ඇතැයි වාර්තා වන බවයි.

හලාවත, දික්ඕවිට ධීවර වරායෙන් පසුගිය 12 වනදා මුහුදු ගිය “ලොරෙන්සෝ පුතා 04” නමැති බහුදින ධීවර යාත්‍රාව මෙලෙස පහැරගැනීමට ලක්වී ඇත.

මේ පිළිබඳ කඩිනමින් සොයාබලමින් පැහැරගැනීමට ලක්වුයේ යැයි කියන ධීවරයින් මුදාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි සඳහන් ය.

Photo – File Photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here