අද(26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ.
ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇත.
ගැසට් පත්‍රයට අනුව 2024 පෙබරවාරි 07 වැනි දින පෙරවරු 10.30ට යළි පාර්ලිමේන්තුව රැස්වෙයි.
වාරාවසාන කිරීමක් යනු පාර්ලිමේන්තුවේ තාවකාලික විරාමයකි.
එම කාලය මාස තුනකට වඩා දීර්ඝ නොකළ යුතුය.
පාර්ලිමේන්තුව වාරාවසාන කරන අවස්ථාවකදී, වාරාවසාන කිරීමේ ප්‍රකාශය විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන දිනය දැනුම් දිය යුතුය. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ඊට අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.
වාරාවසාන කිරීමක් අතරතුරදී, කථානායකවරයා අඛණ්ඩව සිය කාර්යයන් ඉටුකරනු ලබයි.
මන්ත්‍රීවරුන් තවදුරටත් සිය ධූරයේ රැඳී සිටී.
වාරාවසාන කිරීමක බලපෑම වන්නේ පාර්ලිමේන්තුව හමුවේ ඇති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒ වනවිට සභාව හමුවේ ඇති සියලු ක්‍රියාවලි අවලංගු වීමයි.
එකම කරුණ හා සම්බන්ධ පනත් කෙටුම්පතක්, යෝජනාවක් හෝ ප්‍රශ්නයක් එම සැසිවාරය තුළම දෙවැනි වතාවට ඉදිරිපත් කළ නොහැකිය.
කෙසේ වෙතත්, එය වාරාවසාන කිරීමකින් අනතුරුව එළැඹෙන සැසිවාරය දක්වා ගෙනයා හැකිය.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 114 අනුව තේරීම් කාරක සභාව පත් කළ යුතු අතර , විශේෂ කාර්යයන් සඳහා වන පහත සඳහන් සියලු කාරක සභා පාර්ලිමේන්තුවේ විරාම කාලය හෝ වාර අවසන් කිරීමකදී අහෝසි වේ.
උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර අන් සියල්ල පාර්ලිමේන්තුවේ සැසිවාරය නැවත ආරම්භ වන අවස්ථාවේ නැවත ස්ථාපිත කිරීමත් කළ යුතු ය.
ඒ අනුව පහත කාරක සභා පාර්ලිමේන්තුව යළි ඇරඹීමේදී නැවත පත්කළ යුතුය.
අ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
ආ. ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
ඇ. ගෘහ්‍ය කාරක සභාව
ඈ. ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
ඉ. ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව
ඊ. අමාත්‍යංශයීය උපදේශක කාරක සභා
උ. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
ඌ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
එ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
ඒ. මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
ඕ. පසුපෙළ මන්ත්‍රීන්ගේ කාරක සභාව
නව සැසිවාරය ආරම්භ වන විට ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබේ.
පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරිමටත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට හැකියාව පවතී.
2368-25_S