Home උණුසුම් පුවත් බම්බලපිටිය දුම්රියපළ අඳුරට වැටෙයි

බම්බලපිටිය දුම්රියපළ අඳුරට වැටෙයි

බම්බලපිටිය දුම්රියපළ අඳුරට වැටෙයි

Update – හිඟ බිල්පත් ගෙවීමෙන් අනතුරුව බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි සැපයුම අද (26) දහවල් යථා තත්ත්වයට පත්කර තිබේ.


විදුලිය නොමැතිව දින දෙකක් තිස්සේ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ කටයුතු කුප්පි ලාම්පු හා වෙනත් ආධාරක මඟින් පවත්වාගෙන යන බව වාර්තා වේ.

විදුලි බිල නොගෙවීම හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කර තිබීම ඊට හේතුවයි.

අඳුරේ සිටීමට සිදුවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්යමණ්ඩලය පමණක් නොව, දුම්රිය භාවිත කරන මගී ජනතාව ද දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

විදුලිය විසන්ධි කිරිම හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු ද සිදු නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here