තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"බියගම ජනතාව තවමත් රනිල්ට ආදරෙයි"

    “බියගම ජනතාව තවමත් රනිල්ට ආදරෙයි”

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන මහගෙදර වන සපුගස්කන්ද ප්‍රදේශයෙන් සිය දේශපාලනය ආරම්භ කර දේශපාලනයේ යා හැකි උපරිමය දක්වා අද ගොස් සිටින බව ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියෝ පවසති.

    “රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන මහ ගෙදර සපුගස්කන්ද යි. එතුමගේ දේශපාලන මුල් භූමිය ලෙස මෙම ප්‍රදේශයෙන් දේශපාලනය ආරම්භ කර දේශපාලනයේ යා හැකි උපරිමය දක්වා අද එතුමා ගොස් තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස අද එතුමා මෙම විහාරස්ථානයට පැමිණ සිටිනවා. මෙම විහාරස්ථානයේ චෛත්‍ය ඉදිකිරීමේ උත්සවය සඳහා එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ රනිල් වික්‍රමසිංහ මහතාත් පැමිණියා. අද එතුමා ජනාධිපති වි බෝධි ප්‍රාකාරය විවෘත කිරීමට පැමිණ තිබෙනවා.

    බියගම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ මෙහෙය කියා නිම කරන්නට බැහැ. නොදියුණු පළාතක්ව තිබුණු බියගම ආයෝජන කලාපයක් බවට පත්කර සමෘද්ධිමත්භාවයක් ඇති කළා. නව පාසල් ආරම්භ කර මෙහි දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කළා. බියගම ජනතාව තවමත් රනිල් වික්‍රමසිංහ මහතාට ආදරය කරනවා.” යැයිද උන්වහන්සේ එහිදී කීය.

    පූජ්‍ය තීනියාවල පාලිත නායක හිමිපාණන් වහනන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ , ශ්‍රී ලංකාවේ සිටින ජපාන නියෝජ්‍ය තානාපති Katsuki Kotaro, හිටපු අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ද යොෂිඩා ජාත්‍යන්තර පාසලේ ආචාර්ය මණ්ඩලය හා සිසු දරුවන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img