Home උණුසුම් පුවත් දුරුතු පෝදා ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වැඩසටහන් රැසක්

දුරුතු පෝදා ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වැඩසටහන් රැසක්

දුරුතු පෝදා ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වැඩසටහන් රැසක්

(නදීක දයා බණ්ඩාර – මහනුවර)

දුරුතු පුර පසළොස්වක පෝය නිමිත්තෙන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙමින් සිටිති.

උදා වූ නව වර්ෂයේ යෙදෙන පළමු පෝය දිනය මෙය වන අතර ඒ නිමිත්තෙන් විශේෂ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

අලුයම සිට දිනය පුරා දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදාගැනීම සඳහා නන් දෙසින් විශාල ජනකායක් පැමිණෙමින් සිටිති.

සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට විශේෂ ආරක්ෂක වැඩසටහන්ද ක්‍රියාත්මකය.

ශ්‍රී මාලිගාව කේන්ද්‍ර කොට ගත් ශීල ප්‍රතිපත්ති පූජා වැඩසටහන් ඓතිහාසික මඟුල් මඩුව කේන්ද්‍ර කොට පැවැත්වුනු අතර නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාලයන්හිදී ද දුරුතු පුර පසළොස්වක පෝය නිමිතින් ආගමික වැඩසටහන් ක්‍රියාත්මක විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here