Home උණුසුම් පුවත් දුරුතු පොහොය අදයි

දුරුතු පොහොය අදයි

දුරුතු පොහොය අදයි

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සමරන, 2024 වසරේ යෙදෙන පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි.

දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථානවල මේ වෙනුවෙන් විශේෂ ආගමික වතාවත් සිදුකෙරේ.

මහියංගනයට වැඩම කළ බුදුන්වහන්සේ යක්‍ෂයන් දමනය කිරීම අද වැනි දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතු මිටක් ලබාදීම ද දුරුතු පෝදා සිදු වූ විශේෂිත සිදුවීමකි.

තුන්බෑ ජටිලයන් දමනය කිරීමත්, බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදු සසුනට පූජා කිරීමත් සිදුවී ඇත්තේ ද අද වැනි දුරුතු පොහෝ දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here