Home උණුසුම් පුවත් ජින්තුපිටියේ වෙඩිතැබීමක් – ගම්වැසියන් වෙඩික්කරුව පොලීසියට බාරදෙයි

ජින්තුපිටියේ වෙඩිතැබීමක් – ගම්වැසියන් වෙඩික්කරුව පොලීසියට බාරදෙයි

0
ජින්තුපිටියේ වෙඩිතැබීමක් – ගම්වැසියන් වෙඩික්කරුව පොලීසියට බාරදෙයි

කොළඹ ආදුරුප්පුවීදිය පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ රාත්‍රී කාලයේ කඩාවැදුණු පුද්ගලයෙක් විසින් නිවසේ සිටි අයෙකුට වෙඩි තබා ඇත.

වෙඩික්කරු පැමිණ ඇත්තේ යතුරුපැදියක නැගීය. වෙඩික්කරු සමඟ යතුරු පැදියේ තවත් අයෙක් පැමිණ තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව යතුරුපැදිකරුට යතුරුපැැදිය පන ගන්වා ගැනීමට නොහැකි වී ඇත. එහිදී ගම්වැසියන් ඔවුන් දෙදෙනාව වටකර ඇත. එම අවස්ථාාවේදී යතුරුපැදිකරු යතුරුපැදිය සහ වෙඩික්කරුව අතහැර පළාගොස් තිබේ. ඒ නුව වෙඩික්කරු ගිනි අවිය සමඟ ගම්වැසියන්ට කොටුවී ඇත.

ගම්වැසියන් විසින් එම පුද්ගලයාට පහරදී මෙල්ලකර පොලීසියට භාරදී තිබේ. එම පුද්ගලයා අවුරුදු 27ක් වයසැති කඩුගන්නාව මැණික්දිවෙල පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ජින්තුපිටියේ පදිංචිකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇත. ඔහු 26 හැවිරිදි වියේ පසුවන්නෙකි.

පලාගිය සැකකරු සොයා පොලිස් පරීක්ෂණ අරඹා ඇත. යතුරුපැදිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here