Home උණුසුම් පුවත් පාර්ලිමේන්තුවට යන මඟ අහුරන විරෝධතාකරුවන්ට උසාවි නියෝගයක්

පාර්ලිමේන්තුවට යන මඟ අහුරන විරෝධතාකරුවන්ට උසාවි නියෝගයක්

පාර්ලිමේන්තුවට යන මඟ අහුරන විරෝධතාකරුවන්ට උසාවි නියෝගයක්

පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තු මාර්ගය අවහිර කරමින් විරෝධතා පැවැත්වීම අධිකරණය තහනම් කරයි.

අද දිනයේදී විරෝධතාකරුවන් පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග හා පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව අවහිර කරමින් විරෝධතා පවත්වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව මෙවැනි විරෝධතා අත්හිටුවන ලෙස පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

මාර්ගය භාවිත කරන ජනතාවට හා පදිකයින්ට අවහිර වනසේ කිසිදු මාර්ගයක් හරස්කර හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන අයුරින් හා රජයේ නිලධාරීන්ගේ රාජකාරිවලට බාධාවන අයුරින් උද්ඝෝෂන සිදුකිරීම තහනම් බව අධිකරණ නියෝගය සඳහන් ය.

කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අන්දමින් සියලු වගඋත්තරකරුවන් හා උද්ඝෝෂකයින් වග බලාගත යුතු බව පොලීසිය අවධාරණය කරයි.

එසේ නොවුණහොත් උද්ඝෝෂණය විසුරුවා හරින ලෙස සිදුකළ අධිකරණ නියෝගයට අනුව පියවර ගන්නා බව පොලීසිය අවධාරණය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here